United Nations Welcome to the United Nations. It's your world.
  • العربية
  • 简体中文
  • English
  • Français
  • Русский
  • Español

ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71 වැනි සැසිවාරය අමතා කරන ලද කථාව

Wednesday, 21 September 2016

සුබ සන්ධ්‍යාවක් !

ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි!

ආයුබෝවන්!  

වනක්කම් !

අස්ලාම් අලෙයිකුම්!

 

එක්සත් ජාතීන්ගේ 71 වැනි සමුළුවට, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විදිහට සහභාගී වීමට ලැබීම මා ඉතාමත්ම සතුටට පත්වෙන අවස්ථාවක්.  ශ්‍රී ලංකාවේ නව පරිවර්තනීය යුගයක් ආරම්භ කරමින් ගෙවීගිය මාස විස්සක පමණ කාල සීමාව, අවශ්‍ය දේශපාලන, ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අපි මූලිකත්වය දී තිබෙනවා.  විශේෂයෙන්ම, මගේ රජය බලයට පත්වීමට පෙර, ශ්‍රී ලංකාව තුළ තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත්වීමේ සමාජ පසුබිම ඉවත් කරමින්, සතුටින්, නිදහසේ, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත්වන ජනතාවක් සඳහා අවශ්‍ය මූලික පදනම සකස් කරමින්,  ඒ කටයුතු ශක්තිමත් කර තිබෙනවා.  මගේ රජයේ අරමුණ, ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු ජනතාව, ලෝකයේ ඉතාමත්ම සතුටින් ජීවත්වන රටවල් අතරින් එක් රටක් බවට පත් කිරීමයි.  ඒ නිසා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමත්, ආර්ථික සමෘද්ධිය ඇති කිරීමත් තුළ, ප්‍රධාන වශයෙන් ලෝකයේ ශක්තිමත් ප්‍රබුද්ධ ජනතාවක් බවට පත් කිරීම මගේ රජයේ ප්‍රධාන අරමුණක් සහ අභිප්‍රායක්.  ඒ වගේම දුගී භාවය අද මුලු ලෝකය පුරාම තිබෙන බරපතල අභියෝගයක් බැවින්  2017 ලබන වර්ෂය,  ශ්‍රී ලංකාවේ දුගීභාවයෙන් නිදහස් වීමේ වර්ෂය ලෙස නම් කර තිබෙනවා.  ආර්ථික සංවර්ධනය මුල් කරගත් රටක, ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය මූලික  පහසුකම් සකස් කිරීමේ කාර්යයට,  ඒ අනුව මා ප්‍රමුඛත්වය දී තිබෙනවා.  

ප්‍රධාන වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ඒ වගේම, අනෙකුත් සියලු  ආයතනික රාජ්‍යයන් විසින් කටයුතු කිරීමේදී, ගරු සභාපතිතුමනි, ඒ වගේම ගෞරවනීය රාජ්‍ය නායකයනි, නෝනාවරුනි, මහත්වරුනි, අප සැමවිටම කැපවී සිටින්නේ, තිරසර සංවර්ධනය ප්‍රමුඛතාවයේ ලා සමාජයට, රටට අවශ්‍ය වෙනස්කම් ඉටු කිරීමටයි.  එහිදී, මූලික වශයෙන්ම, අවශ්‍ය ආර්ථික ජයග්‍රහණ ලබා ගැනීමට ප්‍රමුඛත්වයක් සැමවිටම අපි දී තිබෙනවා.  පරිසර සංරක්ෂණය, ඒ වගේම, එක්සත් ජාතීන්ගේ  මහ ලේකම් බැන් කී-මූන්මැතිතුමා විසින් හඳුන්වා දෙනු ලැබූ පැරිස්  සමුළුව ඇති කරගත් ප්‍රඥප්තීන් තුළ කටයුතු කරමින්, ප්‍රධාන ලෙසම, අපිට අවශ්‍ය මූලික වෙනස්කම් සමග රටේ පරිවර්තනීය යුගය සියලු අංශවල වෙනස්කම් කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ.  උගත් තරුණ පරපුර වෙනුවෙන්, දැනුම පාදක කරගත් ආර්ථික සංවර්ධන සහ ආර්ථික ප්‍රතිපත්ති සමග නව උත්පාදන ආර්ථිකය, ඒ වගේම හරිත ආර්ථිකය සමග නව සැලසුම් ශ්‍රී ලාංකීය සමාජය තුළ ඉලක්ක කරගත් ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයන් බවට පත් කිරීමට මා කටයුතු කරනවා.  

ගරු සභාපතිතුමනි, ඒ වගේම,  නෝනාවරුනි, මහත්වරුනි, මිත්‍රවරුනි,   අපේ රට දූපත් රාජ්‍යයක්  විදිහට සාගර සම්පත මුල් කරගත්, සාගර සම්පතෙන් අපිට උපයා ගතහැකි සියලු සම්පත් දායාදයන්වලට ප්‍රමුඛතාවය දෙමින්, සංචාරක ව්‍යාපාරය, ධීවර කර්මාන්තය, පර්යේෂණ  මුල් කරගත් වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමයි මූලික වශයෙන් වර්තමාන නව රජයේ බලාපොරොත්තුව බවට පත්වී තිබෙන්නේ.  රටේ නිදහස් සෞඛ්‍ය සේවාව, නිදහස් අධ්‍යාපනය, නව දැනුම තුළ, ප්‍රධාන වශයෙන්ම කෘෂිකාර්මික සංවර්ධනය, දේශීය කර්මාන්ත සහ දේශීය  කාර්මීකරණය තුළ මූලික වශයෙන්ම ජනතාවට වැඩි පහසුකම් ලබාදීම සඳහා කටයුතු කිරීම අපේ රජයේ අරමුණක් බවට පත්වෙලා තිබෙනවා.

ගරු සභාපතිතුමනි, අද ලෝකයේ බොහෝ රාජ්‍යයන්හි අන්තර්ජාතික වශයෙන් අපි දකින මුහුණුවරයන් තුළ,  යුද්ධයේ යුද ස්වාභාවයත්, ඇතැම් විට ඉතාමත් ම්ලේච්ඡ තත්ත්වයත්, අසමගිය, ද්වේෂය, වෛරය මුහුකුරා ගිය සමාජයන් අපිට දකින්නට තිබෙනවා.  එහිදී,   මානව සමජයට අවශ්‍ය ශිෂ්ටත්වය බරපතල ප්‍රශ්නයක් වී තිබෙනවා.  සමාජයේ අද ඇතිවී තිබෙන බොහෝ ගැටුම්වලට, ශිෂ්ටත්වය මුල් කරගත් ප්‍රජාවක් බිහි කිරීමේ කාර්යයට, සෑම රාජ්‍යක්ම මූලිකත්වය දිය යුතුයි කියා මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් විදිහට, ථෙරවාදී බෞද්ධ දර්ශනය තුළ පෙන්නුම් කරන දර්ශනයත් ලෝකයේ බොහෝ ප්‍රශ්න විසඳීම සඳහා ඉතා වැදගත් කියා මා විශ්වාස කරනවා.   ඒ වගේම ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම් ධර්මය, ඒ වගේම හින්දු ධර්මය සහ අනෙකුත් ආගමික, ආධ්‍යාත්මික දර්ශනයන් වඩ වඩා පුළුල්  කිරීම සහ ඒ සඳහා සියලු රාජ්‍යයන්හි ආශිර්වාදය අවශ්‍ය යුගයක් ලෙසයි මා දකින්නේ. 

මේ අවශ්‍ය වෙනස්කම් රටවල් තුළ කිරීමේදී,  ශ්‍රී ලංකාව වගේම ලෝකයේ බොහෝ රාජ්‍යයන් මුහුණ දී තිබෙන බරපතල ප්‍රශ්නයක් පිළිබඳව ගෞරවනීය එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ අවධානය යොමු කිරීමට මා කැමතියි.  ඒ තමයි, මුළු මහත් මානව සමාජයේ පාසල් දරුවන් ප්‍රමුඛව දැඩි ව්‍යසනයකට, ඛේදවාචකයකට ලක්වී තිබෙන මත් ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය.‍   මේ සමුළුව ඊයේ ආරම්භ කළ අවස්ථාවේ, පළමු දේශනය කළ බ්‍රසීල ජනාධිපතිතුමා මේ පිළිබඳව කරුණු පැහැදිලි කළා.  එතුමාගේ අදහස්වලට මගේද එකඟතාවය පළ කරමින්,  සමාජමය වශයෙන්, නව පරපුර, පාසල් දරුවන් ප්‍ර‍මුඛ සියලු මිනිසාගේ බරපතල ඛේදවාචකයකට මුහුණ දී තිබෙන මේ මත්ද්‍ර‍ව්‍ය පිළිබඳ උවදුර, ජාත්‍යන්තර  වශයෙන්,  ඒ වගේම ජාතික වශයෙන් සෑම රටකම,  ඉවත් කිරීම, මර්දනය සහ පාලනය  සඳහා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ අවධානය යොමු කරමින්, ජාත්‍යන්තර වැඩ පිළිවෙළක දැනට වඩා විධිමත්, ශක්තිමත් භාවයක අවශ්‍යතාවය අපි දකිනවා.  

ඒ වගේම, අපි සැමවිටම කටයුතු කිරීමේදී, මේ කරුණුවලට මූලිකත්වය දීම අන්තර්ජාතික වශයෙන් අවශ්‍ය වගේම, ජාතික වශයෙන් කෙරෙන කටයුතු තුළ, මගේ රජය ශ්‍රී ලංකාවේ තිබෙන තොරතුරු ඔබ දන්නා පිරිසක් නිසා,  ප්‍ර‍ජාතන්ත්‍රවාදය, නිදහස සහ යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහතික කිරීමට අවශ්‍ය බොහෝ පියවර  ගණනාවක්, ඒ තුළ සුභවාදී අවශ්‍ය පරිවර්තනයක් තුළින් ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින්, යුද්ධයක් නැවත අපේ රටේ, මගේ රටේ, ඇතිවීම වැලැක්වීම සඳහා සියලු පියවර මේ වන විට ගෙන තිබෙන බව ඉතාමත් සතුටින් පැහැදිලි කිරීමට පුළුවන්.  මෙහිදී, මූලික වශයෙන්, ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේදී, ම්ලේච්ඡ ත්‍ර‍ස්තවාදීන්ගේ යුද්ධයකට වසර 30 කට ආසන්න කාලයක් මුහුණ දුන් රටක් විදිහට, ඒ තුළ ලබාගත් අත්දැකීම් සමග, නැවත කිසිදු අවස්ථාවක, මගේ රටේ, ශ්‍රී ලංකාවේ,  යුද්ධයක් ඇතිවීම වැලැක්වීමත්, රට තුළ නිදහස සහ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තහවුරු කිරීමත්, ජාතික සංහිඳියාව තුළ ශක්තිමත් පදනමකින් ජාතීන් අතර සමගිය ඇති කරමින්, ඉතා ප්‍ර‍බුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීමත්, මේ සඳහා මූලිකත්වය දීලා තිබෙනවා.   ඒ සඳහා සැමවිටම, ලෝකයේ සියලු රාජ්‍යයන්හි සහ, අන්තර්ජාතික සංවිධානවල ආශීර්වාදය සහ සහයෝගය මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. 

ඒ වගේම, ශ්‍රී  ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින්, ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමේදීත් හඳුන්වා දෙන  නව දේශපාලන ප්‍ර‍තිසංස්කරණවලදීත්, සැමවිටම අපි, මගේ රට වගේම, ලෝකයේ සෑම රටකටම, ලෝකයේ සෑම ජාතියකටම අනන්‍ය වූ, ඒ රටේ ජනතාවට ප්‍ර‍ධාන වශයෙන්ම අත්‍යවශ්‍ය වූ, ස්වදේශිකවාදී චින්තනයක්, ස්වදේශිකවාදී දැක්මක් තුළින් සමාජ ප්‍ර‍ජාතන්ත්‍රවාදී දේශපාලන ගමනක් සඳහා ඒ අදාල හරයන් ප්‍ර‍මුඛ වූ, අවශ්‍ය ප්‍ර‍තිසංස්කරණ සමග යෑමේදී, ජාත්‍යන්තර සහයෝගය, ජාත්‍යන්තර මතවාදය හා ඒ එක්ව සැමවිටම අන්තර්ජාතික සාමූහිකත්වය,   සහයෝගිතාවය  තුළ  මානව සමාජයේ ප්‍ර‍බුද්ධ සමාජයක් ගොඩ නගන රටක් විදිහට මගේ රට ගොඩනැගීමයි ප්‍ර‍ධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ.   අවුරුදු 30 කට ආසන්න යුද්ධයක පැටලී සිටි අපි, සැමවිටම, ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් එම යන ගමනේදී ඉතාමත් ප්‍ර‍ඥාවන්ත, ප්‍ර‍බුද්ධ, බුද්ධිමත් දේශපාලන ගමනක් ඉවසීමෙන්, සන්සුන්ව යෑම සඳහා, මගේ උතුම් ශ්‍රී ලංකාද්වීපය, මාර්‍තෘ භූමිය බලාපොරොත්තු වන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය සහ ආශිර්වාදය මා ඉල්ලා සිටිනවා. 

මූලික වශයෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මහ ලේකම් බැන් කී-මූන් මැතිතුමා ඇතුළු  විධායක සභාව ශ්‍රී ලංකාවට සෑම විටම දෙන  සහයෝගය   මා ඉතාමත්ම අගය කරනවා.  බැන් කී-මූන් මැතිතුමා මහ ලේකම් තුමා විදිහට  පසුගිය කාල සීමාව තුළ ඉටු කරන ලද අන්තර්ජාතික සේවාව, මුළු මහත් මානව ප්‍ර‍ජාවට, ඒ වගේම සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමට, මුළු මහත් ලෝකයට අවශ්‍ය, මානව සමාජයට අවශ්‍ය මුළු සංවර්ධන ක්‍රියාදාමයන් ඉෂ්ට කිරීම සඳහා එතුමා කළ සේවය මා ඉතාමත්ම අගය කරනවා. 

ඒ නිසා, අවසාන වශයෙන්, මගේ රට, ශ්‍රී ලංකාද්වීපය, ලෝකයේ ප්‍ර‍බුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා නව පරපුරට, නව දැක්මෙන් සන්නද්ධව,   සැමවිටම අපි ගෙනයන්නා වූ වැඩපිළිවෙළේදී, අපි ලෝකයේ සෑම රටකම ආදර්ශමත්, නිදහස්, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජයක් ගොඩනගමින්, මගේ රජයේ වගකීම සැමවිටම ඉටු කරන බව ප්‍ර‍කාශ කරන අතර, අවසාන වශයෙන් ඔබ සියලු දෙනාගේම සහයෝගය සහ ආශීර්වාදය ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ස්තූතියි.

තෙරුවන් සරණයි!

 

 

 

English Translation

 

Impromptu Address

by

 His Excellency Maithripala Sirisena

President of the Democratic Socialist Republic of Sri Lanka 

 

General Debate of the 71st Session of the United Nations General Assembly

New York, 21 September 2016 

 

 

Good Evening

 

Blessings of the Triple Gem to all of you

 

Ayubovan

 

Vanakkam

 

As-salamu alaykum

 

It is an extremely happy occasion for me to participate in this 71st Session of the United Nations General Assembly, as the President of Sri Lanka.

 

During the past twenty months or so, we have ushered in a new era of transformation in Sri Lanka, and given priority to laying the foundation for the necessary political and economic reforms.

 

In particular, we have managed to end the state of fear and doubt that prevailed in Sri Lankan society before my Government came into office, and we have laid the foundation and strengthened the requirements necessary for people living in a democratic society to live with happiness and in freedom, without fear.

 

The objective of my Government is to make Sri Lanka one of the happiest nations in the world for all the people in my country. Therefore, in consolidating freedom and democracy and achieving economic prosperity, our objective and aspiration is to make the people of Sri Lanka rank among the strongest and most erudite and enlightened in the world.

 

Poverty is presently a serious challenge throughout the world, including Sri Lanka. Next year, 2017, has been declared as the year of freedom from poverty in my country. We have prioritized economic development, and given prominence to putting in place the necessary requirements for addressing all the problems faced by the people of my country. 

 

Mr. President,

Distinguished Heads of State and Government,

Ladies and Gentlemen,

 

When working with the United Nations and other organizations as well as other nations, and when working on addressing the requirements of the people of our country, we are committed to always give priority to sustainable development. It is within this framework that we have given prominence to securing the necessary economic benefits for our people. Therefore, we will be mindful to protect our environment, and work within the Agreement reached at the Paris Climate Change Conference as advocated by UN Secretary-General Ban Ki-moon, in making the required transformations in all the necessary fields in our country.

 

On behalf of the educated young generation in our country, I commit to work towards making Sri Lankan society recognize and give importance to the formulation of new policies aimed at achieving national development and a new production economy, based on knowledge-based economic development, and a green economy. 

 

Mr. President,

Ladies and Gentlemen,

Friends,

 

As an island nation endowed with ocean resources, the new government hopes giving priority to utilizing ocean resources for implementing a programme of action for development of tourism, fisheries industries and marine research. While advancing free healthcare and free education, we intend to infuse new knowledge into these streams for the development of agriculture and local industries. And, through these steps and the development of local industries, we seek to provide better facilities and improved living standards for the people of our country.  

 

Mr. President,

 

We see a disturbing phenomenon in today’s world, internationally, in most countries. Societies are afflicted with war and war-like situations, violent extremism, division and hatred. In situations like this, the fundamentals of civilized society and humanity face serious threat. In this context, I believe that every country must today give importance and priority to addressing these problems that have arisen in our societies and work towards developing a society that respects humanity. As a Buddhist country, the values and philosophy in the teachings of Theravada Buddhism too, we believe, can provide important and useful insight in the quest to seek solutions to many of the problems the world faces today.  Similarly, I see this present era in the world as one in which the teachings of Christianity, Islam, Hinduism, and other religions and philosophies are important for creating greater understanding. For this, the cooperation of all countries is essential.

 

In the process of bringing about these changes, there is a serious threat faced by most countries in the world including Sri Lanka to which I would like to draw the attention of the respected General Assembly of the United Nations. This is the problem of drugs that poses a serious threat to human society itself, preying on school-going children and causing much destruction to communities. When this Session of the General Assembly began yesterday, the President of Brazil who made the inaugural address explained in detail, the serious nature of this threat to our societies and communities. While adding my voice to the appeal made by the President of Brazil, I urge the General Assembly of the United Nations to look at developing a strong international framework that is more effective than existing measures that are in place, to eradicate the drug menace that has afflicted our societies and threaten the younger generation, especially children in schools. Such a programme must include plans and efforts to combat this menace at national level in all countries, and at international level.

 

I assure this Assembly that we have taken several important steps in our country that are necessary for consolidating democracy, freedom, good governance, and the rule of law. I am happy to state that through such transformative steps, we have laid the foundation necessary to forge national reconciliation, and ensure non-recurrence of conflict in our country – my country.  As a country that has suffered violent conflict for 30 years, we are drawing from experience and lessons learned to strengthen national reconciliation, and we are determined to prevent the recurrence of conflict in my country, Sri Lanka. We have given priority in this context to consolidate freedom and democracy in our country, and through a strong foundation of national reconciliation forged through unity and friendship among communities, we want to make Sri Lanka an erudite and enlightened nation. For this purpose, I respectfully seek the cooperation of all countries and international organizations.  

 

In the introduction of political reform and transformation, and in strengthening the national reconciliation process, we will always give prominence to, and respect for local and indigenous philosophy, and the needs and requirements of our people, while protecting the independence, sovereignty and territorial integrity of Sri Lanka. This is in line with the importance of recognizing the requirements of the people of my country, specific to Sri Lanka, similar to the need for all the other countries in the world to have such processes in line with local thinking and the specific character of the people in those respective countries. In our journey of carrying out social and political reform in line with the requirements of our people, we seek to do so with international assistance and cooperation, and in line with internationally recognized practice to build an enlightened society in my country.

 

After being entangled in violent conflict for almost 30 years, I seek the cooperation and blessings of the entire international community, to proceed on this journey of strengthening national reconciliation and political reform with wisdom, in an intelligent and prudent manner, with patience and dignity, to accomplish the goals that my treasured Sri Lankan nation, my motherland, seeks.

 

I value greatly, the cooperation extended to Sri Lanka at all times by the Secretary-General of the United Nations, Mr. Ban Ki-moon, and his officials. During his years in office as Secretary-General, Mr. Ban Ki-moon rendered an invaluable service to all people. He helped us strengthen reconciliation. Internationally, he helped carry out development requirements necessary for all, for the entire world community, and I value his service greatly.   

 

In conclusion, I emphasize the commitment of my Government, at all times, to carry out our responsibilities towards making my country, the Sri Lankan nation, one of the most enlightened nations of the world. For this purpose, we will carry out programmes that empower our youth and our new generations by providing them the necessary knowledge that they require to succeed. In carrying out all these tasks, I ensure that we will act responsibly at all times by building a democratic and free society that can be an example to others, and carry out our responsibilities and obligations towards our people. I end my remarks by respectfully seeking your cooperation and blessings necessary to succeed in this important journey that we have undertaken.

 

Thank you.

 

May the Triple Gem bless you!